පැවත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ සහ සියලු විභාගයන් දින නියමයකින් තොරව කල් දමා තිබෙනවා.

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගනු ලැබූ බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ

අදාළ විභාග පැවැත්වෙන දිනයන් ඉදිරියේදී දැනුම් දෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය සඳහන් කර සිටියේ.

මේ සම්බන්ධව විමසමින් විභාග දෙපාර්තමේන්තුව වෙත ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබෙන බවත් ඒ අනුව මෙම පියවර නැවත දැනුම් දීමට පියවර ගත් බවයි කොමසාරිස්වරිය වැඩි දුරටත් පැවසුවේ.