කාම්බෝජය සහ තායිලන්තය අග්නිදිග ආසියානු අසල්වැසියන්.
එහෙත් එම රටවල් දෙක අතර සියවසකට වැඩි කාලයක් තිස්සේ පවතින්නේ ආරවුලක්.
දැන් එම ආරවුල යුද ගැටුමක් දක්වා වර්ධනය වී තිබෙනවා.
දේශසීමාවේ ස්ථාන කිහිපයක අද දෙවන දිනටත් දෙපාර්ශවය අතර සටන් යළි ආරම්භ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කාම්බෝජය කුඩා අවි සහ බර අවි භාවිතා කරමින් වෙඩි තැබීම ආරම්භ කිරීමෙන් පසුවයි අද අලුයම 4:30 ට පමණ මෙම ගැටුම හටගෙන ඇත්තේ.
තායි හමුදාව ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ කාලතුවක්කුවලින් වෙඩි තැබීමෙන්.
තායි සහ කාම්බෝජ හමුදා අතර දේශසීමාවේ ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇති බව තායි බලධාරීන් පවසනවා.
තායිලන්ත හමුදාවට අනුව, මියගිය අයගෙන් වැඩි දෙනෙක් සිවිල් වැසියන්. කාම්බෝජය තවමත් ඔවුන්ට සිදුවූ හානි තහවුරු කර නැහැ.
රටවල් දෙක විසින්ම දේශසීමාව අසල සිටින තම පුරවැසියන්ට ප්‍රදේශවලින් ඉවත් වන ලෙස දන්වා තිබෙනවා.
තායිලන්තය දැනටමත් සිවිල් වැසියන් 40,000 ක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇතැයි විදෙස් මාධ්‍යයන්හි සඳහන්.