Published
අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, අනුරාධපුර පොලීසිය විසින් සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයක් මතයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර බන්ධනාගාර අධිකාරිවරයා ඊයේ අත්අඩංගුවට ගෙන අනුරාධපුර පොලීසිය වෙත භාරදෙනු ලැබුවා.
අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටි එම සිරකරු අනීතික ලෙස නිදහස් කිරීම සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් සිදුකරන්නැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඉල්ලීමක් කළා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කරමින්. මේ, එම කමිටුවේ කැදවුම්කරු සුදේශ් නන්දිමාල්.