හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයෙකු වන සිරිසේන අමරසේකර මහතා විසින් Herding  Frantic Cats නමින් රචිත ග්‍රන්ථයක් ජනගත කිරීම පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු කෙරුණා.

ශ්‍රී ලංකාවේ ආර්ථික සමාජ දෙශපාලන සහ රාජ්‍ය පරිපාලනය පිලිබඳව එම ග්‍රන්ථය මගින් විග්‍රහ කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන් ඇතුළු දේශපාලඥයින් රැසක් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් මෙන්ම පෞද්ගලික අංශයේ නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

මහාචාර්ය සිරිමෙවන් කොලඹගේ, තානාපති රවිනාත් ආර්යසිංහ, හිටපු ලේකම්වරුන් වන චන්ද්‍ර මාලියැද්දල, ධම්මික මාතරආරච්චි යන මහත්වරුන් සහ මුදල් කොමිසමේ ලේකමි සුමිත් අබෙිසිංහ මහතා එම ග්‍රන්ථයේ විවිධ පරිච්ඡේද එහිදී සමාලෝවනය කරනු ලැබුවා.