මිල අය කිරීමකින් තොරව වෙළඳසැල් මගින් පාරිභෝගිකයන්ට සිලි සිලි බෑග් නොහොත් පොලිතීන් බෑග් නිකුත් කිරීම අද සිට තහනම් වනවා.

ඒ අනුව පාරිභෝගිකයන්ට භාණ්ඩ අලෙවි කිරීමේදී වෙළඳසැල් විසින් පොලිතීන් බෑග් සඳහා මිලක් අයකළ යුතු බවයි පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසුවේ.

ඒ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතාද අදහස් පළ කළා.

පාරිභෝගිකයන්ට භාණ්ඩ අලෙවි කිරීමේදී වෙළඳසැල් විසින් පොලිතීන් බෑග් සඳහා මිලක් අයකළ යුතු බවයි පාරිභෝගික සේවා අධිකාරිය විසින් පසුගියදා ගැසට් නිවේදනයක්ද ගැසට් කළා.

ඒ අනුව අදාළ පොලිතින් බෑග් සඳහා අය කරන මිල ව්‍යාපාරික ස්ථානවල පැහැදිලිව සඳහන් කළ යුතු බවද එම ගැසට් නිවේදනයේ සඳහන්.