ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේදී සේවකයින් කටුනායක ප්‍රධාන කාර්යාල ඉදිරිපිට අද දහවල් කෑම පැයේදී නිහඬ විරෝධතාවක නිරත වුණා.
ඒ, 2024 වසරේ ජනවාරි මස සිට ඔවුන්ට අහිමි කර ඇති රුපියල් 10,000ක ජීවන වියදම් දීමනාව යළි ගෙවන ලෙස ඉල්ලමින්.
2022 වසරේ කොවිඩ් ව්‍යාප්තියත් සමග රජය ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවකයින් හට රුපියල් 25,000ක මාසික දීමනාවක් ලබාදී ඇති අතර එය 2024 ජනවාරි මාසයේ සිට රුපියල් 10,000ක් අඩු කර ඉතිරි රුපියල් 15,000ක මුදල ගෙවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් පසු මෙම වසරේ ජුනි මස සිට එම දීමනාව යළි ගෙවීමටයි පියවර ගෙන ඇත්තේ.
එහෙත් මෙම මස 24 වන දින ගෙවීමට නියමිත ජුලි මස වැටුපෙන් යළිත් එම මුදල කපා හැර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි ශ්‍රි ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවක වෘත්තීය සමිතියේ සභාපති ජී.සී.රත්නසිංහ මහතා පැවසුවේ.
මේ හේතුවෙන් එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වූ බවයි ජී.සී.රත්නසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.