වවුනියාව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉකුත් 31 වැනිදා රාත්‍රියේ ඔහු එලෙස හදිසියේ අසනීප වීම හේතුවෙන් රෝහල්ගත කිරීමේදී මියගොස් ඇති බවයි පුවරසන්කුලම පොලිසිය පවසන්නේ.

එලෙස මියගොස් ඇත්තේ 23 හැවිරිදි අනුරාධපුර ජයසිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ජීවිතක්‍ෂයට පත් සිසුවාගේ ඥාතීන් චෝදනා කරන්නේ මෙම මරණයට නවකවධ සිදුවීමක් හේතු වී ඇති බවයි.

ජීවිතක්ෂයට පත්වන මොහොතේ සිසුවාගේ ශරීරයේ සැළකිය යුතු මට්ටමක මත්පැන් සාන්ද්‍රණයක්ද අන්තර්ගතව තිබී ඇති බවට සැක පළ කරන බවද පොලිසිය පවසනවා.

කෙසේවෙතත් සිසුවාගේ ඥාතීන් චෝදනා කරන්නේ මෙම හදිසි මරණයට නවකවධය හේතු වූ බවයි.