සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා ගැනීමේ කටයුත්ත සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලමින් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 09 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා.

එම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය ඇතුළු කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුකරයට අදාළව තම සේවාදායකයින් සීමිත විරෝධතා ගොනුකර තිබෙන බවයි.

ඒ අනුව ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීම සඳහා තමන්ට අවස්ථාව ලබා දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අදිකරණයෙන් ඉල්ලා සිටියා.