Published
සීදූව, ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. එලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි ඊරියගහළිඳ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අපරාධයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.