Published
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය සී.බී.රත්නායක ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග තළා.
මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ කැඳවනු ලැබුවා.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර නීතී අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාලව සියලු ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බව සඳහන් කළා.
එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඇප පනත යටතේ සිය සේවා දායකයා සුදුසු අපයක් මත මුදාහැර ලෙස ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂ 20 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළා.
ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියම කළා.
ඉන් අනතුරුව නඩුව යළි මාර්තු මස මාර්තු 06 වනදා යළි කැඳවීමට ද නියම කළා.
2011 වසරේ මාර්තු 31 සහ 2013 මාර්තු මස 31 වනදා අතර කාලසීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් ලක්ෂ 573 කට අධික වත්කම් අයථා ලෙස උපයා ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කළේ යැයි සැකපිට හිටපු අමාත්‍යවරයා පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.




