Published
සුඩානයේ සිදු වූ නායයාමකින් පුද්ගලයින් 1,000කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. බටහිර සුඩානයේ මාරා කඳුකර ප්‍රදේශයේ එම නායයාම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. සුඩාන විමුක්ති පෙරමුණු හමුදාව පවසන්නේ එම සිද්ධියෙන් දිවි ගලවාගෙන ඇත්තේ එක් පුද්ගලයෙකු පමණක් බවයි. දින ගණනාවක් පුරා පැවැති අධික වර්ෂාපතනයෙන් පසු පසුගිය අගෝස්තු 31 වනදා එම නායයාම සිදුව ඇතත් ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත්තේ අද දිනයේදී බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.