පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව පිහිටි සුදු අරලිය හෝටලයට යාබදව නීත්‍යනුකූල නොවන ඉඩම් කැබැල්ලක් ඇති බවත් එහි ගසා ඇති වැට ගලවා දැමීමට තමන් සූදානම් බවත් ප්‍රසිද්ධ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා අද ප්‍රකාශ කළා. කෙසේවෙතත් එම වැට ගලවා දැමීමට යම් කාලයක් අවශ්‍ය බවයි ඔහු කියා සිටියේ.

වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කළේ මෙලෙසයි. හිඟුරක්ගොඩ වෙළඳ ව්‍යාපාරික සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමට එක්වෙමින් ප්‍රසිද්ධ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා මෙම අදහස් පළ කළා.