නාමල් රාජපක්ෂ මහතා විසින් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා වෙතට එන්තරවාසියක් නිකුත් කර තිබෙනවා. ඒ පසුගිය දා පැවති මාධ්‍ය හමුවක් අතරතුර නාමල් රාජපක්ෂ මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය පිටුපස සිටින පුද්ගලයෙක් ලෙස හැඟෙන පරිදි ප්‍රකාශයක් නිකුත් කළායැයි පවසමින්. නාමල් රාජපක්ෂ මහතාගේ කිර්ති නාමයට හානි කිරීමේ අරමුණෙන් මෙම ප්‍රකාශය සිදු කර ඇති බවයි නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥයවරුන් එන්තරවාසිය නිකුත් කරමින් සඳහන් කර සිටියේ එම මාධ්‍ය හමුව තුළ නාමල් රාජපක්ෂගේ ඡායාරූප මාධ්‍ය වෙත් පෙන්වමින් සිදු කරන ලද ප්‍රකාශය ඉතා අසත්‍ය බවයි නීතිඥයවරුන් පවසන්නේ ඒ අනුව එම ප්‍රකාශයෙන් ඔහුට අපකීර්තියක් සිදුව ඇති බවත් එලෙස අපකිර්තිස්සක් සිදුවීම වෙනුවෙන් රුපියක් බිලියනයක එන්තරවාසියක් නාමල් රාජපක්ෂ විසින් ඉල්ලා තිබෙනවා.