Published
සුවඳ විලවුන් වර්ගයක් ආග්‍රහණය කළ පාසල් සිසුන් තිදෙනෙකු ක්ලාන්තය, වමනය සහ ශ්වසන අපහසුතා හේතුවෙන් ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
තවලකැලේ නගරයේ දමිළ පාසලක 06 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙකු පාසලට සුවඳ විලවුන් බෝතලයක් රැගෙන විත්, එය ඔහුගේ පන්තියේ මිතුරන් කිහිප දෙනෙකුට ඉස තිබෙනවා.
පසුව එම සිසුන් රෝගාතුර වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
රෝහල් ගත කළ සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
එම පාසලේ විදුහල්පතිතුමිය සඳහන් කර ඇත්තේ 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු හිසේ කැක්කුම සඳහා භාවිතා කරන ඖෂධ බෝතලයක් සුවඳ විලවුන් යැයි සිතා රැගෙන විත් ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුගේ නිළ ඇඳුම්වලට ඉස ඇති බවයි.