බංග්ලාදේශ හින්දු බෞද්ධ ක්‍රිස්තියානි සමගි සභාව, සුළුතර එකමුතු පෙරමුණ සහ බංග්ලාදේශ පූජා සැමරුම් සභාව විසින් ඩකා පුවත්පත් සමාජය ඉදිරිපිට සහ රට පුරා විරෝධතා පාගමනක් පවත්වා තිබේ.
බංග්ලාදේශය තුළ ආගමික සහ වාර්ගික සුළු ජාතීන්ට එරෙහිව සිදුවෙමින් පවතින ප්‍රචණ්ඩත්වය හෙළා දකිමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.
ඩකාහි කිල්කෙට් ප්‍රදේශයේ, ඛිල්ඛෙට් සර්බජානින් දුර්ගා දේවාලය බුල්ඩෝසරයකින් කඩා බිඳ දැමීම, ලාල්මොනිර්හත්හිදී, අඩු ආදායම්ලාභී පවුලක පියෙකු සහ පුත්‍රයෙකු ‘ආගමට අපහාස කිරීමේ’ බොරු චෝදනාව මත පහර දී පොලිසියට භාර දීම වැනි සිදුවිම් සඳහා සොයා බලා ඒ සම්බන්ධයෙන් මැදිහත් වන්නැයි විරෝධතාකරුවන් රජයට බල කර සිටියහ.
විරෝධතාවයට සහභාගී වී සිටි සිවිල් සංවිධානවල සාමාජිකයින් රජයට දැඩි ඉල්ලීම් කළේ ඒ පිළිබඳ වහා පියවර ගන්නා ලෙසයි.
Khilkhet හි විහාරස්ථානය වහා ප්‍රතිනිර්මාණය කිරීම, කඩා බිඳ දැමීමට වගකිවයුත්තන් හඳුනාගෙන දඬුවම් කිරීම සඳහා විමර්ශන කමිටුවක් පිහිටුවීම, Lalmonirhat හිදී අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයින් වහා නිදහස් කරන ලෙසත්, ආගමික සහ වාර්ගික සුළු ජාතීන්ට සිදුවන හිංසනයන් නැවැත්වීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.