රුපියල් තිස් හත් ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බිබිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු වසර 13ක් ඩුබායි හි සූපවේදියෙකු ලෙස සේවය කළ අයෙක්. ඔහු ඊයේ රාත්‍රී 09.33ට අබුඩාබි නුවර සිට මෙරටට පැමිණ තිබුණා. ඔහු විසින් රැගෙන ආ ගමන් මලු‍ 02ක, සම්පූර්ණයෙන්ම විදේශීය දුම්වැටි 25,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 125කින් පුරවා තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.