යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි හා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර තීරණාත්මක සාකච්ජාව තවත් හෝරා කිහිපයකින් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ධවල මන්දිරයේ පැවැත්වීමට නියමිත එම සාකච්ඡාව සඳහා යුරෝපීය නායකයින් පිරිසක්ද සහභාගී වීමට නියමිතයි. බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සහ යුරෝපා හා නේටෝ සංවිධාන ප්‍රධානීන් එම සාකච්ජාවට එක්වන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත අතර පසුගියදා අමෙරිකානු සහ රුසියානු නායකයින් දෙපල අතර පැවති සාකච්ඡාවේ පදනම් වූ කරුණු මත මෙම සාකච්ඡාව ක්‍රියාත්මක වනු ඇති. මේ අතර මෙම සාකච්ඡාව සඳහා යුරෝපා නායකයින් රැසක් අමෙරිකාවට පැමිණ සිටීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිට ටෘත් සමාජ ජාලය ඔස්සේ අදහස් දක්වා තිබෙනවා. ඔහු පවසා ඇත්තේ ශ්‍රේෂ්ඨ යුරෝපා නායකයින් රැසක් එකවර අමෙරිකාවට පැමිණීම සතුටට කරුණක් බවයි.
Published