සෙවනගල සීනි සමාගමට උක් සැපයීම නතර කිරීමට උක් ගොවීන් ගෙන ඇති තීරණය හේතුවෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳ කරුණු දැක්වීම සඳහා අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ගිනිගත් උක් මෙටි්‍රක් ටොන් 14,000ක ප්‍රමාණය සීනි සමාගම විසින් මිලදී ගන්නා තෙක් උක් සැපයීම නතර කිරීමට ගොවීන් තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

පසුගියදා ගිනිගෙන විනාශ වූ උක් මෙටි්‍රක් ටොන් 14,000ක ප්‍රමාණයේ පාඩුව එම ආයතනයට උක් සපයන සියලු ගොවීන් අතරේ බෙදා හැරීමට තීරණයක් ගෙන ඇතැයි ද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.