නේපාලයේදී අත්අඩංගුවට ගත් ඉෂාර සෙව්වන්දි සහ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේගෙන් සිදු කරන ප්‍රශ්න කිරීම් හමුවේ නව විමර්ශන ඉදිරියේදි සිදුවන බව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ඉෂාර සෙව්වන්දිගෙන් මේ වන විට මූලික ප්‍රශ්න කිරීම් සිදුකරමින් ඇති බවයි.

සෙව්වන්දි ඇතුලු පිරිස නේපාලයේදී අත්අඩංගුවට ගැනීමට ආරම්භ කළ මෙහෙයුම සම්බන්ධයෙන් ද නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින් ඔහු කරුණු දැක්වූවා.

“ගනේමුල්ල සංජීව” ඝාතනය සිද්ධියෙන් අනතුරුව ඉෂාරා සෙව්වන්දි නේපාලය දක්වා පලාගිය ආකාරය සම්බන්ධයෙන් ද කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා පළමුවරට අදහස් පළ කළා.

නේපාලයේ සිට යුරෝපීය රටකට පළා යාමට තැත් කළ ඉෂාරා සෙව්වන්දිගේ සැලැස්ම ව්‍යර්ථ කිරීමට ද පොලිස් නිලධාරින්ට හැකි වූ බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ඉෂාර සෙව්වන්දි ඇතුලු පිරිස නේපාලයේදී අත්අඩංගුවට ගැනීමට දිවයිනෙන් පිටත්ව ගිය පොලිස් නිලධාරින් මහත් පරිශ්‍රමයක් යොදා මෙහෙයුම සිදුකළ බවයි කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා වැඩිදුරටත් පැවසුවේ.