සොරබඩු සන්කව සිටි පුද්ගලයින් දෙදෙනෙක් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් එක් සැකකරුවෙක් හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකව සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
ඒ, ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී ඔහුගේ නිවසේ තිබී අනන්‍යතාව තහවුරු කරගත නොහැකි ජංගම දුරකතන සහ ලැප්ටොප් පරිඝනක කිහිපයක්ද සොයාගෙන තිබෙනවා.
එම සැකකරුගෙන් ලද තොරතුරු මත සොරබඩු ළඟ තබාගෙන සිටි තවත් සැකකරුවෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දුරකතන 18ක්, ලැප්ටොප් පරිඝනක යන්ත්‍ර දෙකක්, ටැබ් යන්ත්‍රයක් ඇතුළු තවත් උපකරණ තොගයක් සොයා ගත් බවද පොලීසිය පැවසුවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 41 සහ 64 යන වයස්වල පසුවන සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශ