ආපදා තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද අද වාද විවාද ඇති වුණා.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසුවේ අයවැයට අමතරව වත්මන් තත්ත්වයට මුහුණදීමට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ යුතු බවයි.

ආපදා කළමනාකරණයේදී ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ගැටලු පවතින බව මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කළා.

කෙසේවෙතත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පැවසුවේ ආපදාවෙන් පසු ආණ්ඩුව ඊට කඩිනමින් මැදිහත් වූ බවයි.

රටේ හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවත් ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙල නතර නොකරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර සෞඛ්‍ය කඳවුරු පැවැත්වීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති බව කියන චක්‍රලේඛයක් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද අදහස් පළ කළා.