Published
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ කාලීනව පවතින ගැටලු නිරාකරණය කිරීමට ද කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
පළාත් සභාවලට අයත් රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථානවල නිරීක්ෂණ චාරිකාවල නිරත වීමේදී එම කාර්ය මණ්ඩලවල ගැටලු ද හඳුනාගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
මඩකලපුව ශික්ෂණ රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය හමුවේ මෙම අදහස් පළ කළා.