ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රදේශයේ ජනතාවට විශාල සේවයක් සපයන සෞඛ්‍ය මධ්‍යස්ථානයක ඇති අඩු පාඩු නිසා ජනතාව පත්ව ඇති අපහසුතාව පිළිබඳව අද නෙත්සැරයෙන් කරුණු අනාවරණය කරනවා. බද්දේගම හැන්නැලිය ප්‍රදේශයේ වසර විස්සකට පමණ පෙර සිට පවත්වාගෙන යනු ලබන සෞඛ්‍ය මධ්‍යස්ථානය භාවිත කරන ජනතාව පවසන්නේ මෙම වටිනා සේවය ලබා ගන්නා ගර්භනී මවුවරුන් අපහසුතාවට ලක්ව ඇති බවයි

ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්. එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.