කැස්බෑව බණ්ඩාරගම පාරේ ඉසුරුපුර සූසාන භූමියේ සේවකයෙකු 14 හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවකයෙකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැස්බෑව නගර සභාවට අනුයුක්ත සෞඛ්‍ය සේවකයෙක්. දැරියගේ මව රැකියාව සඳහා පිටත්ව යාමෙන් අනතුරුව දැරිය පමණක් නිවසේ සිටින අවස්ථාව බලා නිවස වෙත ගොස් තිබූ සැකකරු එම නිවසේ දැරියකට භාවිතය සඳහා ලබාදි තිබූ විදුලි පංකාව ඉල්ලා එය ඇය ලබාදෙන අවස්ථාවේදී එකවරම දැරිය දෙසට කඩා වැදී මෙම ලිංගික අතවරය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. එකී විදුලි පංකාව නිවස ඉදිරිපිට තිබෙනදුටු කුලී නිවසේ හිමිකාරිය අසලට පැමිණ කාමරයට එබී බලන අවස්ථාවේදී සැකකාර සෞඛ්‍ය සේවකයා එම තැනැත්තියට බැණ වැදී තර්ජනය කර ඇතැයි පොලිසිය විසින් වැඩි දුරටත් සදහාන් කරනවා. ලද පැමිණිල්ල අනුව පිළියන්දල මාවිත්තරේ දූව පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම සිද්ධියේ වැඩිදුර පරීක්ෂණ කැස්බෑව පොලිසිය මගින් සිදු කරනු ලබනවා.