හංවැල්ල පොලිස් වසමේ තුන්නාන ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලාගොස් ඇති බවයි. වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. මේ අතර මීගොඩ, මුතුහැරවත්ත ප්‍රදේශයේ ද ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. කිසියම් අයෙකු විසින් අදාළ ප්‍රදේශයේදී අහසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. ඒ සම්බන්ධයෙන් ද පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.