Published
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක මුදා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා සහාය වීමට, හදිසි ආධාර රැගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානුෂීය සහන ගුවන් යානා දෙකක් ඊයේ රාත්‍රීයේ මෙරටට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
C-17 වර්ගයේ ගුවන් යානා මගින් ක්‍රියාත්මක වූ මෙම ගුවන් ගමන් මගින් මුදා ගැනීමේ බෝට්ටු දෙකක්, K9 වර්ගයේ සෝදිසි කිරීමේ සුනඛයින් හතර දෙනෙකු, ඩබල් කැබ් රථ සහ SUV වැනි මුදා ගැනීමේ රථ, ට්‍රක් රථ සහ පුද්ගලයන් 53 දෙනෙකුගෙන් සමන්විත විශේෂ නාගරික සෙවුම් සහ මුදා ගැනීමේ කණ්ඩායමක් ඇතුළු අත්‍යවශ්‍ය ආපදා ප්‍රතිචාර උපකරණ රැගෙනවිත් තිබෙනවා.
ඊයේ සහ පෙරේදා දිනයන්හිදී ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර තොග රැගත් ගුවන් යානා මෙරටට ළඟා වුණා.





