හම්බන්තොට, නාගරවැව කුරුලු‍ උයනේ හිමිකරු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, නාරාහේන්පිට ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයකට අනුවයි.

නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි 21ක් පසුගියදා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සොයාගනු ලැබුවා.

අදාළ කුරුලු උයනේ හිමිකරු අත්අඩංගුවට ගනු ලැබුවේ එම යතුරුපැදි කුරුලු උයනට අයත් ගබඩාවක සඟවා තැබීමේ චෝදනාව මතයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගනු ලැබුවා.