නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි 21ක් සමග අත්අඩංගුවට ගත් හම්බන්තොට නාගරවැව ප්‍රදේශයේ කුරුළු උයන පරිශ්‍රයේ කුරුළු ආහාර ගබඩාවේ කළමනාකරු හා ගබඩා පාලකවරයා අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. ඔවුන් දෙදෙනා ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මගින්. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලද විශේෂ තොරතුරක් මත සිදු කළ වැටලීමකදී හම්බන්තොට නාගරවැව ප්‍රදේශයේ කුරුළු උයන පරිශ්‍රයේ කුරුළු ආහාර ගබඩාවේ සඟවා තිබියදී අදාළ යතුරුපැදි සොයා ගෙන තිබුණා. මෙරටට ආනයනය කිරීමට තහනම් විදෙස් රටවල නිෂ්පාදිත එම යතුරුපැදියක වටිනාකම රුපියල් කෝටි එක හමාරකට අධික වනවා. අදාළ ගබඩාවේ තිබී නීති විරෝධී ලෙස වගා කර තිබූ ගංජා පැළ 04ක්ද පොලිස් භාරයට ගැණුනා. සැකකරුවන් මාතර සහ මිද්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන්.