හමාස් සංවිධානය විසින් ගාසා වැසියන් 08 දෙනෙකු ප්‍රසිද්ධියේ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

එම පුද්ගලයින් 08 දෙනා ඝාතනය කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

අපරාධකරුවන් සහ ඊශ්‍රායලට සහාය දැක්වූ පුද්ගලයින්ට එලෙස මරණ දඬුවම ලබාදුන් බවයි හමාස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ.

ගාසා වැසියන් 08 දෙනෙකු එලෙස ඝාතනය කර ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හමාස් සංවිධානය නිරායුධ කරන බවට පවසා ඇති පසුබිමක වීම විශේෂත්වයක්.

ගාසා තීරයේ ගැටුම් අවසන් කරමින් ඊශ්‍රායල හමුදා ඉවත් වී ඇති ප්‍රදේශවල පාලනය නැවත තහවුරු කිරීමට හමාස් සංවිධානය ක්‍රියාත්මක වෙමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.