ඔක්තෝබර් පළමුවැනිදා වන විට අත්‍යාවශ්‍ය මුදල් පනතක් සම්මත කරගැනීමට නොහැකිවීමෙන් විවිධ ක්ෂේත්‍රයන්හි වැටුප් ගෙවීම අපහසු වී ඇති පසුබිමක, ආරක්ෂක හමුදාවන්ට වැටුප් ගෙවීම සඳහා, සිය හිතවත් පාර්ශ්වයක් ඩොලර් මිලියන 130ක පරිත්‍යාගයක් සිදුකළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
කෙසේ වෙතත් ඒ කවුරුන් ද යන්න මෙතෙක් හෙළිකර නොමැත.
එම මුදල් පරිත්‍යාගය එරට ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය පරිත්‍යාග භාරගැනීමේ අධිකාරිය යටතේ භාරගත් බවත්, පරිත්‍යාගකරු පනවා ඇති කොන්දේසි මත එම මුදල ආරක්ෂක හමුදාවන්ට වැටුප් ගෙවීම සඳහා පමණක් යොදාගන්නා බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් මිලියන 1.3ක් පමණ වන එරට ආරක්ෂක හමුදා සෙබළුන් වෙත වැටුප් ගෙවීම සඳහා මෙම මුදල් ප්‍රමාණය පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව වාර්තා වනවා.
එමෙන්ම පරිත්‍යාගකරුගේ අනන්‍යතාවය හෙළිනොකිරීම සහ එවැනි පරිත්‍යාගයක් හමුදාවන්ට වැටුප් යොදාගැනීම ගැටලු සහගත බවට ද එරට කොංග්‍රස් මණ්ඩලය තුළ කතිකාවතක් ඇතිවී තිබෙනවා.




