Published
මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ උතුරේ සහ නැගෙනහිර පළාත්වල හමුදා භාරයේ තිබූ ඉඩම් අක්කර 700කට වැඩි ප්‍රමාණයක් නිදහස් කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
උතුරු පළාතේ පමණක් අක්කර 620කට වැඩි ප්‍රමාණයක් මෙම වසර තුළ නිදහස් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.
මේ අතර හිටපු නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවයට අයත් ඉඩම් පසුගිය රජයන් සමයේ බෙදාදී ඇති ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා ප්‍රශ්නයක් යොමුකර තිබුණා.
ඊට පිළිතුරු ලබා දුන්නේ නියෝජ්‍ය අමාත්‍ය ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතායි.
මේ අතර නොවැම්බර් මාසයේ දින 03ක් පාර්ලිමේන්තුව විශේෂ පරික්ෂාවකට ලක් කරන බව කථානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා.



