උත්සව සමය ඉලක්ක කරගනිමින් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ "හරිත මාවත" ( Green Channel ) ආශ්‍රිතව සිදු කළ විශේෂ මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් තිබූ රුපියල් ලක්ෂ අසූ හයක් වටිනා භාණ්ඩ තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනෙකු අද(26) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනෙවා.
මොවුන් තිදෙනා අතරින් එක් අයෙකු 58 හැවිරිදි වියේ පසුවන මීගමුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන අතර අනෙක් දෙදෙනා 38 හැවිරිදි වියේ පසුවන බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාවන් දෙදෙනෙකි.
මෙම කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු රෝගී තත්වයක පසුවන බව හැගවීම සදහා රෝද පුටුවක තබා ගෙන අනෙක් කාන්තාව විසින් තල්ලු කර ගෙන ගුවන් තොටුපොළ "හරිත මාවත" ප්‍රදේශය ඔස්සේ ගමන් කරමින් සිටියදී, ඔවුන්ගේ සැක කටයුතු ඉරියව් නිරීක්ෂණය කළ රේගු නිලධාරීවරුන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණා.
මොවුන් අද(26) අලුයම 12.30 ට ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8.ඩී.-822 දරන ගුවන් යානයෙන් සහ අද(26) අලුයම 01.00 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත "මැන්චෙස්ටර්" වර්ගයේ දුම්වැටි 44,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 220 ක්, විදේශීය මත්පැන් බෝතල් 19 ක් , රූපලාවන්‍ය කටයුතු සදහා භාවිතා කරන, සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය නොමැති "කොලැජන්'' පැකැට් 430 ක් සහ තවත් පාවහන් සහ වෙළෙද භාණ්ඩ රාශියක් සහිත තොගයක් ද තිබී රේගු නිලධාරීවරුන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමිනු ලබනවා.





