රට තුළ සිදුවූ ආපදා තත්ත්වය සහ ඊට සහන සැලසීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා චෝදනා කළේ ආපදා තත්ත්වය පිළිබද තොරතුරු ලැබී තිබියදීත් ආණ්ඩුව නිසි පියවර නොගත් බවයි.
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ ජනතාව අනතුරේ වැටෙන තුරු බලා සිටීමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.
කෙසේවෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න මහත්මිය මෙහිදී පැවසුවේ ආණ්ඩුව ප්‍රකාශ කල සහන මෙතෙක් ලබා දී නොමැති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා ද පැවසුවේ ආණ්ඩුව දැන් හෝ නිවැරදි දේ කල යුතු බවයි.
නියෝජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඊට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ ආණ්ඩුව ජනතාවට උපරිම සහන ලබාදෙන බවයි.
රට තුළ සිදුවූ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ආණ්ඩුව ප්‍රකාශ නොකරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දසාසිරි ජයසේකර මහතා පැවසුවේ.
ආපදා හේතුවෙන් රටේ යටිතල පහසුකම්වලට සිදුවූ හානිය පිළිබද ලබන සතියේදී ලෝක බැංකුව විසින් තක්සේරුවක් ලබා දීමට නියමිත බවයි අමාත්‍ය අනුර කරුණාතිලක මහතා කියා සිටියේ.


