Published
පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ඊයේ පස්වරුවේ හල්දුම්මුල්ල ප්‍රදේශයෙන් අවහිර වූ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය රථවාහන ධාවනය සඳහා මේ වනවිට විවෘත කර තිබෙනවා.
කෙසේවෙතත් එම මාර්ගයේ පස් කඳු කඩාවැටුණු ස්ථනයේ පවතින අවදානම් තත්ත්වය මෙතෙක් පහව ගොස් නොමැති බවයි බලධාරීන් පවසන්නේ.
ඒ පිළිබඳ තොරතුරු හල්දුම්මුල්ල නෙත් නිවුස් වාර්තාකරු සමන් පාලිත නානායක්කාරගෙන්.
මේ අතර පවතින වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට ඊයේ පස්වරුවේ නිකුත් කළ නාය යෑමේ අවදානම් නිවේදනය අද පස්වරුව තෙක් වලංගු වන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.
ඒ අනුව බදුල්ල, කොළඹ, ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර. කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා එම නාය යෑමේ අවදානම් නිවේදනය නිකුත් කර තිබෙනවා.




