බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව එරට හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම කිරීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව එම අමාත්‍යංශය පවසන්නේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා සම්බන්ධයෙන් බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද තීන්දුව ඉන්දියාව සැලකිල්ලට ගෙන ඇති බවයි.
සමීප අසල්වැසියෙකු ලෙස, ඉන්දියාව බංග්ලාදේශ ජනතාවගේ යහපත සඳහා කැපවී සිටින බව ද එම නිවේදනයේ දැක්වේ.
ඒ, ඔවුන්ගේ රටේ සාමය, ප්රජාතන්ත්රවාදය, ඇතුළත් කිරීම සහ ස්ථාවරත්වය ඇතුළුවයි.
එබැවින් ඒ සඳහා ඉන්දියාව සැමවිටම සියලුම පාර්ශවකරුවන් සමඟ ඵලදායී ලෙස කටයුතු කරන බව ද විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
මහජන විරෝධතා හමුවේ රටින් පිටවූ බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා මේවනවිට ඉන්දියාවේ රැඳී සිටියි.




