හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ මිල්ලගහමුල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.

එම අනතුරින් මියගොස් ඇත්තේ මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි දෙදරු මවක්. සිය සැමියා සමග කොළඹ, මරදාන ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී එම යතුරුපැදිය අනතුරට ලක්වීමෙන් අදාල කාන්තාව මියගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කොළඹ සිට වටවල දක්වා ධාවනය වූ ලොරි රථයක් වංගු සහිත ප්‍රදේශයකදී අපරික්ෂාකාරි ලෙස යතුරුපැදිය පසුකර යෑමට උත්සාහ කිරීමේදි යතුරුපැදිය ලිස්සා ගොස් පෙරලී යාමෙන් අනතුර සිදුව තිබෙනවා.

එහිදි යතුරුපැදියේ පසුපස ගමන් ගත් අදාල කාන්තාව ලොරි රථයට යටවී එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අදාල කාන්තාවගේ සැමියා තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.