ධුරයේ කටයුතු කිරීම අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට දැන් සිදු වන්නේ කුමක්ද? බොහෝ දෙනෙකු අසන ප්‍රශ්නය එයයි.
ඊට හේතුව වන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් නෙරපීම සඳහා ඔහු පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව නිර්දේශ කර තිබීමත් සමගයි.
පාර්ලිමේන්තුවට දැනුම්දුන් එම තීරණය පිළිබඳව මීළඟට ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නා.
පසුව අද උදෙන්ම පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ දළදා මාලිගාවට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ ඇසූ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අතුරු ප්‍රශ්න යොමු කළ අවස්ථාවේදීයි.
පසුව කථානායකවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝහිණී කවිරත්න මහත්මිය අතර මෙවන් සංවාදයක් ඇති වුණා.
අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සහ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අතර ඇති වුණේ මෙවන් සංවාදයක්.