සිය පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු අද සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පැවසුවේ ඒ හරහා සිය අනුබද්ධ සංවිධාන සියල්ල යළි සක්‍රීය කිරීමට ද කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරගිය පිරිස යළි එක්කර ගැනීමට ද කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.