Published
නිවෙසක තිබූ රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුතු භාණ්ඩ සොරකම් කළ බව කියන “හැලඹ රමේෂ්” නමැති අන්වර්ථ නාමයකින් හඳුන්වන පුද්ගලයා වීරකැටිය, බැඳිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින්.
එම සැකකරු වීරකැටිය පොල්තවානේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ.
සැප්තැම්බර් මස 09 වනදා වීරකැටිය බැදිගම පිහිටි වෙළෙදසැලකට පැමිණ ඇති ඔහු එහි ඉහළ මාලයේ පිහිටි නිවෙසට ඇතුළු වී රුපියල් එක්කෝටි පනස් දෙලක්ෂ අසූදහසක් වටිනා රන්භාණ්ඩ, මුදල් සහ භාණ්ඩ සොරකම් කර ඇති බව පොලිසිය පැවසුවා.