මුදල් අමාත්‍යාංශ ලේකම්වරුයෙකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ 2015 වර්ෂයේ දී අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වශයෙන් කටයුතු කරමින්, සී/ස ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව වෙත මිළදී ගැනීම සඳහා කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ ධාන්‍ය වර්ග තාවකාලිකව ගබඩා කිරීම සඳහා භාවිතා කරනු ලබන කොකුන් ගබඩා 50 ක් සී / ස ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව විසින් භාණ්ඩ හා සේවා මිළදී ගැනීමේ දී අනුගමනය කළ යුතු නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර චූදිත අය විසින් හඳුන්වා දෙන ලද ආයතනයක් මගින් ආනයනය කර මිළදී ගැනීම සඳහා එම සංස්ථාවේ නිලධාරීන් පෙළඹවීම මඟින් එම සංස්ථාවට, එනම් රජයට රු. 99,679,799.70 ක පාඩුවක් හා එම මුදලේ වටිනාකමට සමාන වාසියක් බාහිර පාර්ශවයක් වෙත සලසා දීම යන චෝදනාවට අදාලවයි

අත්අඩංගුවට ගත් ඉහත චූදිත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.