සිය නිත්‍යනුකූල ආදායම අබිබවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අද අධි චෝදනා භාර දුන්නා.

අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම අධිචෝදනා විත්තිකරුට භාරදීම සිදු කෙරුණේ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේයි.

ඉන් අනතුරුව විත්තිකරු ඇප මත මුදා හැරීමට ද අධිකරණය එහිදී නියම කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.