අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ, ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහායි. සැකකාර රාජිත සේනාරත්න මහතා අද පෙරවරු 09.00ට අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉකුත්දා බන්ධනාගාර නිලධාරීන්ට නියම කළා. කොළඹ මහාධිකරණයේ නියෝග මත රිමාන්ඩ් භාරයට ගන්නා ලද සැකකාර රාජිත සේනාරත්න මහතාව, මෙම නඩුකරය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පසුගියදා කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.