Published
ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස්කර ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් රුපියල් මිලියන 20 ක වටිනාකමකින් යුත් සමාගම් කොට සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව යළි කැඳවීමට කොළඹ මහාධිකරණය දින නියම කළා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී විනිසුරුවරයා නියම කළේ අදාළ නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 21 වනදා යලි කැදවන ලෙසයි.
ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස්කර ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් රුපියල් මිලියන 20 ක වටිනාකමකින් යුත් සමාගම් කොටස් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනු කර තිබුණා.