දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් දෙසැම්බර් මස 10 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී පැමිණිල්ලි සහ විත්තියේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරයට අදාළ ලේඛන වල මුල් පිටපත් පරීක්ෂා කිරීමට අවශ්‍ය බවයි.
ඒ අනුව අදාල ලේඛන පරීක්ෂා කිරීමට විනිසුරුවරයා පාර්ශව කරුවන්ට අවසර දුන්නා.
ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කළ විනිසුරුවරයා නඩු විභාගය දෙසැම්බර් මස 10 වන දා පැවැත්වීමටද දින නියම කළා.
2013 වසරේ සැප්තැම්බර් මස 21 සහ ඔක්තෝබර් මස 24 වනදා දක්වා කාල සීමාව තුළ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී 494,000ක මුදලක් හලාවත පිහිටි බැංකුවක ගිණුමකට බැර කරන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් බලපෑම් කිරීම හා පෙළඹවීම තුළින් අල්ලස් පනත යටතේ "දූෂණය" නමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.