රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහරින ලෙස ගම්පහ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, මර්වින් සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත අද ගම්පහ මහාධිකරණ විනිසුරු ඩබ්.කේ.ඩී. විජයරත්න මහතා ඉදිරියේදී සලකා බැලු‍ණු අවස්ථාවේදීයි.

එහිදී විත්තිකරුවන් වූ මර්වින් සිල්වා, ජයන්ත කබ්රාල් සහ නවීන් වීරකෝන් යන තිදෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂ 02ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50ක බැගින් වූ ශරීර ඇප පහක් මත මුදාහරින ලෙසයි විනිසුරුවරයා නියෝග කර ඇත්තේ.

ඔවුන් තිදෙනාගේ විදේශ ගමන් තහනම් කිරීමට ද ගම්පහ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.