හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කෙරෙන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් අද නිකුත් කර තිබෙනවා.

ඒ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදියි.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට ඕනෑම වාසස්ථානයක්, මාසික දීමනාවක්, මාසික ලේකම් දීමනාවක්, නිල ප්‍රවාහනයක් සහ එවැනි වෙනත් පහසුකම් සැපයීම එමඟින් අත්හිටුවා තිබෙනවා.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට ගෙවනු ලබන මාසික විශ්‍රාම වැටුපද එම පනත් කෙටුම්පත මගින් අත්හිටුවා ඇති බවයි අදාල ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.