මෙරට ජනාධිපතිවරුන්ගේ සේවා කාලයෙන් අනතුරුවද ඔවුන්ගේ ජීවිත ආරක්‍ෂා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතයට තවදුරටත් තර්ජන පවතින බවයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසුවේ.

ගාල්ල, උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ අද පැවති රැස්වීමකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.