වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රක්‍ෂිත බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර තිබෙනවා. මූලික පරික්‍ෂණ කිහිපයක් සහ වැඩිදුර ප්‍රතිකාර සඳහා හිටපු ජනාධිපතිවරයා මීට නොබෝ වේලාවකට පෙර එලෙස කොළඹ ජාතික රෝහල වෙත මාරු කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.