Published
කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පතා අද ආශිර්වාද බෝධි පූජා පිංකමක් සංවිධාන කර තිබෙනවා. ඒ, අනුරාධපුර රුවන්වැලි මහ සෑ මළුවේදීයි. ඒ අනුව පක්ෂ භේදයකින් තොරව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පතා මෙම ආශිර්වාද බෝධි පූජා පිංකම සිදු කිරීමට නියමිත බවයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක වෛද්‍ය නිරන්ජන් විජේසූරිය මහතා පැවසුවේ.