රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා කෑගල්ල බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙනවා.
ඒ ඊයේ රාත්‍රියේයි. හිටපු නාවික හමුදාපතිවරයා එම බන්ධනාගාරයේ වෙනම සිරමැදිරියක තවත් රැඳවියන් කිහිප දෙනෙකු සමඟ රැඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ.
හිටපු නාවික හමුදාපතිවරයාගේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් ඔහු එලෙස වෙනම සිරමැදිරිය රඳවා තැබීමට බන්ධනාගාර නිලධාරින් කටයුතු කර තිබෙනවා.
විශ්‍රාමික අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේයි.
ඒ, ඔහු නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ සමයේ පොතුහැර ප්‍රදේශයේ සිදුව ඇති පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවයි.
අත්අඩංගුවට ගැණුනු හිටපු නාවික හමුදාපතිවරයා ඊයේ පස්වරුවේ පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔහු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුණා.